IMG-LOGO

ඉන්දු රුසියා සබඳතා තර වෙයි

ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මිතුදම් වර්ධනය කර ගනිමින් ද්වීපාර්ශ්වීක සබඳතා තරකර ගත්හ.

රුසියන් ජනාධිපති පුටින්, නවදිල්ලියට පැමිණියේ ඊයේ (6) සවස ය. රුසියන් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ රජය කටයුතු කළේය. රුසියන් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියේ 21 වැනි ඉන්දු රුසියා සමුළුව සඳහාය. සමුළුව අද (7) ආරම්භ විය.

ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවුණු බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඊට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර පවතින 'විශේෂ මිත්‍රත්වය' කිසිදු ආකාරයක පළුදුවීමකට ලක් නොවනු ඇති බවය. රුසියන් ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරය භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙක වන ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟත්, රුසියාව චීනය ඇතුළු නැගෙනහිර රටවල් සමඟත් යහපත් සබඳතා පවත්වා ගනිමින් සියලු පාර්ශ්ව සමඟ යහපත් අන්දමින් කටයුතු කිරීමට ඉන්දීය රජය සැමවිටම කටයුතු කරන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

පුටින් සහ මෝදි අතරේ හමුව පැවැත්වීමට පෙර, රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් සහ එරට ආරක්ෂක අමාත්‍ය ජනරාල් සර්ගේ ෂොයිගු, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවී සාකච්ඡා පැවැත්වූහ.

එහිදී ද ආරක්ෂක සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන්, උපායමාර්ගික සහයෝගීතා වර්ධනය කර ගැණුනි. රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් සහ ආරක්ෂක අමාත්‍ය ජනරාල් සර්ගේ ෂොයිගු නවදිල්ලියට පැමිණියේ රුසියන් ජනාධිපති පුටින් පැමිණීමට දිනකට පෙර පසුගිය ඉරිදා (5) ය.

ඉන්දීය විදේශ අමත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රිංග්ලා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ රුසියාවත් ඉන්දියාවත් අතර නව ආයෝජන ගිවිසුම් 28 කට අත්සන් තැබීම සිදුවුණු බවය.

දෙරට අතර ආරක්ෂක ගිවිසුම්වලට අනුව, රුසියාවෙන් ඉන්දියාවට 'එස්.400' මිසයිල නාශක අවි ලබාදීම ද මෙම දෙසැම්බරයේ සිට ආරම්භ වනු ඇති බවත්, ඉන්දියාවෙන් රුසියාවට ඒ.කේ.47 රයිෆල් ලබා දීම සිදුවනු ඇති බවත් ඊට අමතරව, රුසියාවෙන් ද ඉන්දියාවට ප්‍රහාරක ගිනි අවි ලක්ෂ 6 ක් ලබා දීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පෙන්වා දී ඇත.

එකිනෙකා හමුවුණු අවස්ථාවේදී යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාව සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සහ, බටහිර රටවල් චීනය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද පුටින් සහ මෝදි අතරේ විශේෂ අවධානයක් යොමු විය. ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දු රුසියා සබඳතා තර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 287 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1796 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site