IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දු -පැසිපික් කලාපයේ සහයෝගීතාවයට වැඩි අවධානය

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය  සිංගප්පූරුවේදී හමුවී කලාපීය උපදේශනය, පොදු අවශ්‍යතා සහ  ගෝලීය ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරමින් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වූහ.

13 වැනි නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වෙමින් ඔවුන් මෙම අංශ කෙරේ අවදානය යොමු කර ඇත.

තිරසාර සංවර්ධනය, ප්‍රති ත්‍රස්තවාද, න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම, සමුද්‍රීය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු කර ඇති අතර විරුද්ධ ප්‍රදේශවල සම්බන්ධතාවය ඉහළ නංවමින් සාමය ප්‍රවර්ධනය කිරීම අරමුණ වී ඇත.

ඉන්දු-පැසිපික් කලාපයේ ස්ථාවරත්වය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට මෙම රටවල් හතරේ නිලධාරීහු අවධානය යොමු කළහ. 

අනෙක් රටවල්වල සහ  පාර්ශවකරුවන් සමඟ කලාපීය සුහදතාව ප්‍රවර්ධනය කිරීමටත්, නිදහස, විවෘත නීතිමය නියෝග මත පදනම් වූ ඉන්දු - පැසිපික් විශ්වාසභාවය  ඇති කිරිමටද සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවේදී රටවල් අතර  සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ ගුණාත්මක යටිතල පහසුකම් ඇතිකිරීම, ස්වෛරීභාවය සමානාත්මතාවය සහ සියලු ජාතීන් අතර විනිවිදභාවය ඇතිකිරීම, ආර්ථික ශක්‍යතාව සහ මූල්‍ය වගකීම ඇති කිරීම ආදී අංශ කෙරේ අවධානය යොමු කර ඇත.

ඉන්දියාව විදේශ කටයුතු අමාත්‍යංශය, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වාණිජ දෙපාර්තමේන්තුව , ජපානයේ විදේශ කටයුතු අමාත්‍යංශය,  ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ. සියලු  දෙනා උපදෙස් අනුගමනය කිරීමට එකඟ වී ඇත.

- 63226



අදහස් (1)

ඉන්දු -පැසිපික් කලාපයේ සහයෝගීතාවයට වැඩි අවධානය

Gunasiri Friday, 16 November 2018 11:16 AM

චීනය සමග එක්ව වැඩ කරන ශ්‍රී ලංකාව මෙම ඉන්ඩෝ පැසිෆික් කියන ඇමරිකානු වාසියට නම් කරන ලද කලාපය නොපිළිගත යුතුයි. එය ඉදිරියේදී ලංකාවට අවාසිදායක වීමට ඉඩ ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site