ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය  සිංගප්පූරුවේදී හමුවී කලාපීය උපදේශනය, පොදු අවශ්‍යතා සහ  ගෝලීය ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරමින් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වූහ.

13 වැනි නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වෙමින් ඔවුන් මෙම අංශ කෙරේ අවදානය යොමු කර ඇත.

තිරසාර සංවර්ධනය, ප්‍රති ත්‍රස්තවාද, න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම, සමුද්‍රීය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු කර ඇති අතර විරුද්ධ ප්‍රදේශවල සම්බන්ධතාවය ඉහළ නංවමින් සාමය ප්‍රවර්ධනය කිරීම අරමුණ වී ඇත.

ඉන්දු-පැසිපික් කලාපයේ ස්ථාවරත්වය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට මෙම රටවල් හතරේ නිලධාරීහු අවධානය යොමු කළහ. 

අනෙක් රටවල්වල සහ  පාර්ශවකරුවන් සමඟ කලාපීය සුහදතාව ප්‍රවර්ධනය කිරීමටත්, නිදහස, විවෘත නීතිමය නියෝග මත පදනම් වූ ඉන්දු - පැසිපික් විශ්වාසභාවය  ඇති කිරිමටද සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවේදී රටවල් අතර  සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ ගුණාත්මක යටිතල පහසුකම් ඇතිකිරීම, ස්වෛරීභාවය සමානාත්මතාවය සහ සියලු ජාතීන් අතර විනිවිදභාවය ඇතිකිරීම, ආර්ථික ශක්‍යතාව සහ මූල්‍ය වගකීම ඇති කිරීම ආදී අංශ කෙරේ අවධානය යොමු කර ඇත.

ඉන්දියාව විදේශ කටයුතු අමාත්‍යංශය, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වාණිජ දෙපාර්තමේන්තුව , ජපානයේ විදේශ කටයුතු අමාත්‍යංශය,  ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය අංශය නියෝජනය කරමින් නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ. සියලු  දෙනා උපදෙස් අනුගමනය කිරීමට එකඟ වී ඇත.

- 63226