කාෂ්මීරයේ පකිස්ථාන ඉන්දියානු දේශසීමාවේ දෙපාර්ෂවය විසින් ම එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 13දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 පාකිස්ථානය දෙසින් එල්ල කරන ලද ‍ෂෙල් ප්‍රහාර වැදී දේශසීමා රැකවලෙහි යෙදී සිටි ඉන්දියානුවන් හත් දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇති බව ඉන්දියානු බලධාරීන් පවසා ඇති අතර ඉන්දියාව දෙසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාර වලින් පකිස්ථානු වැසියන් හය දෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසා ඇත. 

පසුගිය සති කිහිපයේදී රටවල් දෙකේම දේශසීමා ආසන්නයේ පදිංචිව සිටි බොහෝ ජනතාව ඉවත් කළ බව ඉන්දියානු බලධාරීන් පවසයි.

_92211748_7006c03f-9c79-4225-93ea-e76166bd9a44 k1 k2