ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත්තේ ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලියයි. ‘අයි.එස්.කේ’ හෙවත් ‘අයි.එස්. කොරසාන්’ යනු, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. මෙම ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ කොරසාන් පළාත කේන්ත්‍රකොට ගනිමින් බිහිවූයේ, සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ප්‍රධාන අයි.එස්. සංවිධානය බටහිර ප්‍රහාර හමුවේ අඩපණ වෙද්දීය.
අද ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයටත් මෙම ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලිය බාධාවක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මොවුන්ය.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් ‘අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලිය වීඩියෝවක් නිකුත් කර ඇති බවත්, එම තර්ජනය කිසිසේත් සුළුකොට තකන්නේ නැති බවත් ක්‍රිකට් තරගය පැවැත්වෙන නිව්යෝක් ජනදපයේ, නසෝව් ප්‍රාන්ත පොලිස්පති පැටි්‍රක් රයිඩර් පැහැදිලි කර ඇත.
ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන තරගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස්පතිවරයා දන්වා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන
රංබොඩ Thursday, 30 May 2024 09:26 AM
මෙහෙමත් ත්‍රස්තවාදීන් බිහිවෙන මූලාශ්‍රයක් ලෝකෙට මොකටද ? බුද්ධියක් ඇති නම් සෑම මිනිසෙකුම සිතිය යුතු යථාර්ථයක් ඒක.
Fairoos Thursday, 30 May 2024 11:46 AM
ඇෆ්ගනිස්තාන් තරඟ වලට බාධාවක් නැද්ද ?
Udara Hemachandra Thursday, 30 May 2024 12:55 PM
ලංකාවට තිබුණු ISIS තර්ජන ගැන ඉන්දියාව කියුවේ මුලින්`2007
Lanka Thursday, 30 May 2024 01:57 PM
රංබොඩ, මෙහෙමත් ප්‍රවෘත්ති ඡන්ද ලං වෙද්දී විතරක් අහන්න ලැබෙන්නේ ඇයි ? බුද්ධියක් ඇති නම් සෑම මිනිසෙකුම සිතිය යුතු යථාර්ථය ඒකයි