
ඉන්දියාවත්, චීනයත් අතරේ සෘජු ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කෙරෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මිතුදම් වර්ධන වීමට පටන්ගෙන ඇති බැවිනි.
ඉන්දියාවත් චීනයත් අතර මත ගැටුම් පවතින්නේ, දේශසීමා අර්බුදය හේතුවෙනි. කෙසේ නමුත් පසුගිය කාලය පුරාවට, දෙරට අතරේ යහපත් සබඳතා වර්ධනය විය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන්, දිගින් දිගටම ඉන්දියාවට කෙණෙහිලිකම් එල්ල වීම ඊට හේතුවය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, චීනයේ නිල සංචාරයකට ද සූදානමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd