චීන හමුදා සමඟ මේ සතිය මුලදී නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (19) විඩියෝ තාක්ෂණය ඔස්සේ සර්ව පාක්ෂික හමුවක් කැඳවීය.
ඉන්දු-චීන හමුදා ගැටුමෙන් ඉන්දීය සෙබළු 20දෙනකු මරුමුවට පත්වූ අතර සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේදී ඊට සහභාගී වූ පිරිස මියගිය සෙබළුන් වෙනුවෙන් සිය ගෞරවය පුදකළහ.
මෙම සර්ව පාක්ෂික හමුවේදී ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයෝ මෙම සංවේදී කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් යන නැගිට නිහඬතාව පළ කරන අයුරු දක්නට ලැබිණි.
කොංග්‍රස් පක්ෂයේ නායක සෝනියා ගාන්ධි, ජාතික කොංග්‍රස් පක්ෂය (එන්.සී.පී.) නායක ෂරාද් පවර්, තෙලන්ඟානා රාෂ්ත්‍ර සමිති පක්ෂයේ නායක කේ. චන්ද්‍රසේකර් රාඕ, ජනතා දාල් (එක්සත්) පක්ෂයේ නායක නිතිෂ් කුමාර්, ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් ඇතුළු නායකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඉන්දු-චීන දේශසීමාවේ ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් මහජනතාවට සත්‍ය තොරතුරු හෙළිකරන්නැයි ද විනිවිදභාවයෙන් කටයුතු කරන්නැයි ද විපක්ෂයේ නායකයෝ ආණ්ඩුවෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියහ.
ඉන්දීය සෙබළුන්ගේ ජීවිත පරිත්‍යාගය අපතේ යෑමට ඉඩ නොතබන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහතික වී ඇත.
හින්දුස්තාන් ටයිම්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd