ඉන්දු චීන දේශසීමා සොල්දාදුවන් අතරේ සිදුවුණු වෙඩි හුවමාරුවකින් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අවි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට අයත්, ඉන්දු චීන දේශසීමාවේ හමුදා මුරපොළක් අසලය.
අවි ගැටුම අවසන් වී ඇත්තේ ඉන්දී හමුදා මුරපොළේ සිටි ඉහළ හමුදා නිලධාරියකු සුදු ධජයක් අතැතිව චීන හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුව යැයි ද පැවැසෙයි.
ඉන්දු චීන දේශ සීමා අර්බුදය 2006 වසරේ සිට ඔඩුදුවමින් පවතී. 2020 වසරේ ජූනි මාසයේ, ගල්වා නම්නයේ ඉන්දු චීන දේශසීමාවේ දරුණු ගැටුමක් සිදුවිය. එයින් ඉන්දීය සොල්දුදාවන් 20 දෙනකු ද චීන සොල්දාදුවන් 40 දෙනකුද මියගිය බව වාර්තා විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd