IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දු-චීන එන්නත්වලට ඕස්ට්‍රේලියාව අනුමැතිය

චීනයේ නිෂ්පාදිත 'සිනෝවැක්' සහ ඉන්දියාවේ නිෂ්පාදිත 'ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් පිළිගන්නා බව ඕස්ට්‍රේලියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දමා තිබූ දේශ සීමා යළි විවෘත කිරීමටත් පනවා තිබූ දැඩි සීමා ලිහිල් කිරීමටත් ඔස්ට්‍රේලියාව තීරණය කිරීමත් සමඟ ඔස්ට්‍රේලියා රජය මේ බව නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණය ක්‍රියාවලිය ද මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන අතර එරට ඉලක්කය වූ සියයට 80 සීමාවට මේ වනවිට ළඟා වෙමින් තිබෙන බව ද එරට මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියාව යනු ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් දේශසීමාවලට දැඩි සීමා පැනවූ රටවල් අතරින් එකකි.

ඔස්ට්‍රේලියාව, චීනයේ නිෂ්පාදිත සිනෝවැක් බයෝටෙක් එන්නත සහ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් සිය රට තුළ “පිළිගත් එන්නත්” බවට නිවේදනය කිරීමත් සමඟ විදේශීය සංචාරකයන් සහ මුදල් ගෙවා ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවස්ථාව උදා වෙයි.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමන අධිකාරිය වන චිකිත්සීය/වෛද්‍ය භාණ්ඩ පරිපාලන අධිකාරිය සිනෝවැක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රසෙනකා (කොවිෂීල්ඩ්) එන්නත් 'පිළිගත් එන්නත්' බව නිවේදනය කරන ලදි. මෙමඟින් එන්නත්කරණයට ලක්වූ විදේශිකයන්ට ඔස්ට්‍රේලියාව තුළට ලැබීමට අවස්ථාව සැලසෙන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැහැදිලි කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සිනෝවැක් එන්නතට හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති අතර කෙසේ නමුත් එක්සත් රාජධානිය සහ නවසීලන්තය සහ තවත් බටහිර යුරෝපා රටවල් රැසක් එම එන්නතට අනුමැතිය ලබා දී නොමැත.

'සිනෝවැක්' එන්නත ‘කොරෝනාවැක්’ යනුවෙන් ද හැඳින්වෙන අතර සිය රට තුළට ඇතුළු වීමට අදාළ එන්නත්කරණ වැඩසටහන් යටතේ එම එන්නත පිළිගන්නා බව යුරෝපයේ රටවල් කිහිපයක් ම මේ වනවිට ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය මෙවැනිම තීරණයක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදේශිකයන් සඳහා රට විවෘත කිරීමට ඇමෙරිකාව මේ වනවිට සූදානම් වන අතර එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී එන්නත් ලබාගත් විදේශකියන්ට රටට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනු ඇතැයි පැවසෙයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශීය සිසුන් දහස් ගණනකට ඔස්ට්‍රේලියාවේ දොර වැසුණි. ජාත්‍යන්තර අධ්‍යාපන සේවා යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රයක් වන අතර 2019 වසරේ දී සිඩ්නි නුවර ද ඇතුළත් ඔස්ට්‍රේලියාවේ නිවුත් සවුත් වේල්ස් ප්‍රාන්තය පමණක් ජාත්‍යන්තර අධ්‍යාපන සේවාවලින් ලබා ඇති ආදායම ඔස්ට්‍රේලියානඅ ඩොලර් බිලියන 14.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 11) කි. “අපි ඉතාම ඉක්මනින් දේශසීමා විවෘත කරනවා. ඇතැම් විට ලබන මාසයේ දී එය සිදු වේවි” යැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දු-චීන එන්නත්වලට ඕස්ට්‍රේලියාව අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site