IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දු ඕස්ට්‍රේලියා ආර්ථික වෙළෙඳ සහයෝගීතාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැදිහත් වී, දෙරට අතර නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබූහ.

ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් අතර අත්සන් තැබුණු ඉතා පුළුල් වැදගත් සහයෝගීතා ගිවිසුමක් ලෙස මෙය සැලකෙයි.

ඉන්දියා-ඕස්ට්‍රේලියාව ආර්ථික සහයෝගිතා සහ වෙළෙඳ ගිවිසුම යන නමින් හැඳින්වෙන මෙය අත්සන් කිරීමට ඉන්දීය අග්‍රාමාක්‍ය මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එකිනෙකා හමුවූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයා සහ ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය ඩෑන් ටෙහාන් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකිනෙකා හමුවෙමින්, අදාල ගිවිසුම් සඳහා අත්සන් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම මහා පරිමාණයේ ගිවිසුමට අත්සන් තැබීමට දෙරටේ නායකයන් කටයුතු කළේ කෙටි කාලීනව පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව යැයි ද පැවැසෙයි.

'මෙය අපගේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඓතිහාසික මොහොතක්. මෙම ගිවිසුමේ පදනම මත එක්ව, සැපයුම් දාම තවත් ශක්තිමත් කිරීම සහ වැඩි කිරීමටත්, ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වයට දායක වීමටත් හැකියාව ලැබෙනු ඇත.' යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දු ඕස්ට්‍රේලියා ආර්ථික වෙළෙඳ සහයෝගීතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site