ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැදිහත් වී, දෙරට අතර නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබූහ.
ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් අතර අත්සන් තැබුණු ඉතා පුළුල් වැදගත් සහයෝගීතා ගිවිසුමක් ලෙස මෙය සැලකෙයි.
ඉන්දියා-ඕස්ට්‍රේලියාව ආර්ථික සහයෝගිතා සහ වෙළෙඳ ගිවිසුම යන නමින් හැඳින්වෙන මෙය අත්සන් කිරීමට ඉන්දීය අග්‍රාමාක්‍ය මෝදි සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එකිනෙකා හමුවූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
ඉන්දිය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයා සහ ඕස්ට්‍රේලියානු මුදල් අමාත්‍ය ඩෑන් ටෙහාන් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකිනෙකා හමුවෙමින්, අදාල ගිවිසුම් සඳහා අත්සන් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම මහා පරිමාණයේ ගිවිසුමට අත්සන් තැබීමට දෙරටේ නායකයන් කටයුතු කළේ කෙටි කාලීනව පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව යැයි ද පැවැසෙයි.
'මෙය අපගේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඓතිහාසික මොහොතක්. මෙම ගිවිසුමේ පදනම මත එක්ව, සැපයුම් දාම තවත් ශක්තිමත් කිරීම සහ වැඩි කිරීමටත්, ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වයට දායක වීමටත් හැකියාව ලැබෙනු ඇත.' යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd