
බාලවයස්කාර ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක සාක්ෂිකරුවන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනීට විරුද්ධව පැවති නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ඉතාලියේ මිලානෝ අධිකරණය නියෝග කොට ඇත.
17 හැවිරිදි මොරොක්කානු රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පිනියකගෙන් මුදලට ලිංගික අල්ලස් ලබා ගැනීම හේතුවෙන් 86 හැවිරිදි බිලියනපති බර්ලුස්කෝනීට විරුද්ධව ඇති නඩුවක බොරු සාක්ෂි ලබා දීම සඳහා ඔහු සංවිධානය කරන ලබන ‘බුන්ගා බුන්ගා’ නමින් හඳුන්වනු ලබන සමාජශීලි රාත්‍රී උත්සව වලට සහභාගී වූ තරුණියන් 28 දෙනකුට අල්ලස් ලබා දී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබිණ.
17 හැවිරිදි මොරොක්කෝවේ රාත්‍රී සමාජ ශාලා නර්තන ශිල්පිනියකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සිල්වියෝ බර්ලුස්කෝනීට විරුද්ධව පවතින නඩුවේදී සාක්ෂි ලබා දුන් පුද්ගලයන් සාක්ෂිකරුවන් ලෙස නොව සැකකරුවන් ලෙස හැඳින්විය යුතු බවත් ඒ හේතුවෙන් සාක්ෂිකරුවන්ට අල්ලස් ලබා දීම සම්බන්ධ චෝදනා වලින් බර්ලස්කෝනි නිදොස් කොට නිදහස් කරන බවත් මිලානෝ අධිකරණය දුන් නියෝගය සඳහන් වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ හිටපු අගමැති චෝදනාවලින් නිදහස්