ඉතාලියේ භූ කම්පන දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ 5.5 ක හා 6.1ක අගයන් සටහන් කළ භූ කම්පන හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි ද කියති.

මසිරාටා ප්‍රාන්තයේ විසෝ ආසන්නයේ රික්ටර් මාපාංක 5.5ක භූකම්පනයක් සිදුව ඇති අතර ඉන් පැය දෙකකට පමණ පසු එම පෙදෙසේම රික්ටර් මාපාංක 6.1ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තාවේ.

භූ කම්පන හේතුවෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවත් මියගිය කිසිවකු සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැති බවත් ඉතාලි මාධ්‍ය වාර්තා පවසයි.

පුද්ගලයන් 298 දෙනකුට මරු කැඳවමින් දකුණු ඉතාලියේ සිදුවූ දරුණු භූ කම්පනයෙන් මාස දෙකකට පමණ පසු මෙම කම්පන ඇතිවී තිබීම විශේෂත්වයකි. 

බදාදා භූකම්පනය මධ්‍යම ඉතාලියට බලපා ඇති අතර රෝම අගනුවර ගොඩනැගිලි සෙලවීම හා දොරවල් ජනෙල් එකට ගැටුණු බව කියති.

ඉතාලි සිවිල් ආරක්ෂ ප්‍රධානී ෆැබ්රිසියෝ කර්සියෝ පැවසූයේ පුද්ගලයන් දස දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වන බවත් ඉන් සිව් දෙනකුට පමණක් බරපතල තුවාල ඇති බවත්ය.

දෙවැනි භූ කම්පනය තරමක් දරණු එකක් වූ බව කියති. සිද්ධිය ඇසින් දුටුවකු ඉතාලි රූපවාහනියට ප්‍රකාශ කර ඇත්තේ ගොඩනැගිල්ලක කොටසක් තමා ඉදිරියට කඩා වැටුණු බවයි.

_92104582_quakeepa _92105498_036076529epa _92105590_italy