"ඉතාලියේ නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇතිවන අනවරත හිරිහැර දිනෙන් දින වර්ධනය වන බවත් ඉතාලි ජාතික ඇතැම් තරුණ කල්ලි හුදු විනෝදය පිණිස හුදකලා ව හමුවන ශ්‍රී ලාංකිකයනට පහරදීම, මංකොල්ල කෑම,සොරකම් කිරීම සිදුකරන බවත්එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු හෝ පොලිසියට පැමිණිලි කිරිමට ඉදිරිපත් නොවන නිසා මෙයට කඩිනම් පියවරක් ගත යුතු ව තිබෙන බවත් නාපොලියේ ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යසේ පවසයි.
සිය ලේකම් චන්ද්‍රසිරි නානායක්කාර , කාර්ය මණ්ඩලයේ ශාන්ත ජයවික්‍රම යන මහත්වරුද කරුණු පහදුවට එක් වූහ .
කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.
"මේ අනදරය දිගු කලක සිට ම සිදුවන්නක් . ඒත් මෑතක සිට එම තත්ත්වයේ දැඩි ප්‍රවර්ධනයක් දක්නට ලැබෙනවා. සනිතා ප්‍රදේශය , රෝම පාර හෙවත් ටෝලේඩෝ පාර ප්‍රදේශය , කවෝර් ප්‍රදේශය , මස්සීනි චතුරශ්‍ර ප්‍රදේශය ඈ තැන්වලිනුය් මේ අභාග්‍ය සිදුවීම් වැඩිපුර වාර්තා වන්නේ. එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු විසින් හෝ ආරක්ෂක අංශවලට පැමිණිලිකිරිමට ඉදිරිපත් වන්නේ නැහැ . මේ ගැටළුවට ගතයුතු පියවර ගැන සාකච්ඡා කරනු පිණිස නාපොලි නගරාධිපතිවරයා මුණගැසී පිළියම් සෙවීම අප විසින් සිදුකරනු ලැබුණා . නාපොලි කම්පානියා නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් හමුවී කරුණු පහදුවක් අප විසින් සිදුකරනු ලැබුණා .එම හමුව සඳහා නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික
නියෝජිත පිරිසක් ද සහභාගී වුණා . කරුණු පහදුවේ මුලික අරමුණ වූයේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ අරක්ෂාවය් .දෙවන කරුණ වූ යේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගරසභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව සපයාගැනීම ය."
" මේ දෙපස් හමුවට නාපොලි නාගරික මන්ත්‍රී ෆ්‍රන්චෙස්කෝ වෙර්නෙත්ති මහතා ද එක්වුණා . ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් නොව සියලු ම සුළු ජනවර්ග සඳහා උපරිම ආරක්ෂාවක් සලසා දෙනු පිණිස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටීමට ද අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යවරයාණන් දනුම්වත්කර නිසි පියවර අයැදීමට ද නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් මහතා එකඟ වුණා .එ පමණක් ද නොව ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගර සභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව ලබාදීමට ද ගිවිසියා . නඟරාධිපති හමුවේ නියෝජිත පිරිසට නපොලියේ නවජේසු පුදබිම් දෙව් මැඳුරේ ඇන්තනි වීරසිංහ පියතුමන් ද චන්ද්‍රසිරි නානායක්කාර ,ශාන්ත ජයවික්‍රම ,නිශාන්ත සෙනරත් ,රාජා ප්‍රනාන්දු ,සුරේනි කළුගමගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි අයට ලංකාවේ අය විකාරකාරයෝ වගේ පේනවා ඇති. සමහරවිට ලංකාවෙන් ගිය අයට ගුටිකන මුහුනු ඇති. (බ)
අයියෝ වෙන්නප්පුවෙන් ගිය වැඩකාරයෝන්ටත් ගහනවද? (බ)
ඉදිරියේදී මුළු යුරෝපයේම ජාතිවාදී කලබල ඇතිවේවි (බ)
මොහොමඩ්,ඒකද ඔයගොල්ලන්ගේ අය මෙහෙ මුණු වහගෙන යන්නේ? (බ)
ලෝකයේ කොතන බැලුවත් ලංකාවේ මිනිස්ස්නුන්ට ඉතාමත් කරදරයි විශේසයෙන්ම මැදපෙරදිග රටවල්වල... (ර)
ඉස්සර ලංකාවේ මිනිස්සු ඉතාලියට ගියේ තමන්ගේ පාඩුවේ රැකියාවක් කරලා කීයක් හරි හම්බ කර ගන්න. මුල් කාලයේ ඉතාලියට ගිය ශ්‍රී ලාංකිකයින්ව ඉතාලි ජාතිකයින් සාදරයෙන් පිළිගත්තා, ඔවුන්ට ගරුකලා. ඒ ඔවුන් ඉතාලි සමාජය හා බද්ධ වීමට තරම් සුදුසු ජාතියක් ලෙස ඔවුනට හැඟුණ නිසාවෙන්න ඇති. එත්, කාලයක් ගත වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සමහරු ඒ තත්වය වෙනස් කළා., (හේ)
කෝ ඒකාබද්ද කට්ටිය? (ර)
ලංකාවේ සමහරුන්ට සල්ලියි බෝතලෙයි ලැබෙනවා නම් එච්චරයි (නි)
ලංකාවේ හිටියත් අපි කරන්නේ සුද්දාට වහල් සේවයක නොවේද? (නි)
මම හිතුවේ මැදපෙරදිග විතරයි කරදර කියල බලනකොට ඉතාලියේත් කරදර අපේ අයගේ වැරදි වෙන්න ඇති තැනට සුදුසු විදිහට ජීවත් වෙන්න දන්නේ නැහැ (බ)
ඕව කලින් නම් තිබුනේ නැහැ ඉතාලි ජාතිකයන් හරිම සුහදශීලි ජාතියක්. (ර)
කෝ අපේ පිටිගල මහතා? මේ වෙන දේවල් ගැන තවම ප්‍රකාශයක් නිකුත්කළේ නැහැනේ. (නි)
මෙම ප්‍රශ්නය විසදන්න ගොඩක් අමාරු දෙයක්. (ර)
මෑතක සිදුවුණු යුද සංක්‍රමණ නිසා ඉතාලිය ප්‍රංශය වැනි රටවල් වලට අපේ මොහමඩ්ලගේ කට්ටිය ගොඩ පිටින් ගියා. ඉතින් මේ මොහමඩ්ලගේ කට්ටිය කරන්නේ යන තැන එයාලගේ කල්චර් එකේ විදියට වෙනස් කරන්ඩ නේ. ඉතින් ඕවට යකා නැගල ඉන්න ඉතාලි මිනිස්සු දකින දකින පිට රටවල් වලින් අාපු උදවියට ගහන්ඩ අරන්. මේ සියලු දේට හේතුව මොහමඩ්ම තමා ඉතින්. (බ)
මොහොමඩ්, මෝඩ කතා කියන්න එපා (නි)
මම ඉන්නේ නාපොලි ඉතාලි ජාතිකයෝ හරි සුහද ශීලි මිනිස්සු ලංකාවේ මිනිස්සු කොටන ගියත් මෙහෙමනේ... (ර)
ඔය වහල් ජාවාරමේ අංගයක්. ඒක නිසා ඔබට උඩ ඉන්න දෙවියන්ගේ පිහිටයි. වෙන මොනවා කියන්නද? (නි)