ඉතාලියේ ඉස්චියා දූපතේ භූ කම්පනයක් සිදුවීම හේතුවෙන් දෙදෙනකු මියගොස් 39දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙය රික්ටර් මාපක 4.3ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක් ලෙස සටහන් වී ඇති බවයි.

සංචාරකයින් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඉස්චියා දූපතේ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩාවැටී ඇති බවද පැවසේ. වැඩි හානි සිදුවී ඇත්තේ දූපතේ කඳුකර  ප්‍රදේශවලට බවත් වෙරළබඩ කළාපයේ ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය අවම බවත් බලධාරීහු පවසති.

භූකම්පනයෙන් පසු බොහෝ සංචාරක පිරිස් දූපත හැර යන බවද වාර්තා වී ඇත.

සුන්බුන් අතර සිරවී සිටි මාස හතක් වයසැති දරුවකු ද බේරාගෙන ඇති අතර සිරවී සිටින තවත් දරුවන් දෙදෙනකු බේරා ගැනීම සඳහා ආපදා සහන සේවා කණ්ඩායම් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බව ද පැවසේ.

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරිණි - 085)