ඉතාලියේ මිලාන් නුවර, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුවුණු පිහි ප්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 4 කි.
කලහකාරිව හැසිරෙමින් පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. 46 හැවිරිදි ඔහු මානසික රෝගී තත්ත්වයකින් පසුවන බව පසුව අනාවරණය විය.
පිහි ප්‍රහාරයෙන් මියගියේ 30 හැවිරිදි තරුණයෙකි. ඔහු සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සැලක සේවකයකු බව පොලිසිය කියයි.
ඊට අමතරව, තුවාල ලබා රෝහල්ගත කළ සිවුදෙනා අතර ස්පාඤ්ඤ පා පන්දු ක්‍රීඩක පාබ්ලෝ මාරි ද සිටින බව පැවැසෙයි. පාබ්ලෝ මාරි, ස්පාඤ්ඤයේ ‘මොන්සා’ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd