ඉතාලියේ කොරෝනා මරණ ගණන අද (12) 1,000 ඉක්මවා ගියේය.
ඒ අනුව සති දෙකක් ඇතුළත කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සම්පූර්ණ ගණන 1,016 යැයි එරට නිල සංඛ්‍යා දත්ත සඳහන් කළේය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ. ඉන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි.

මරණ සංඛ්‍යාව දහස ඉක්මවීමත් සමඟ චීනයට පසු වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ද ඉතාලියෙනි.
ඉතාලියෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 15,113කි.
ඒ.එෆ්.පී
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd