අමරපුර ශ්‍රි ආරියවංශ සද්ධම්මයුක්තික පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක ලෙස පත් කෙරුණු මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යාස්ථානාධිපති මහගම විපුලසිරි හිමියන් පිළිගැනීම මිලානෝ නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් මිලානෝ නුවර ෆ්‍රැන්චෙස්කෝ කරාරා චතුරස්‍රයේ අංක 17 / 1 ඇස්ටේරියා මධ්‍යස්ථානයේ දී ලබන ඉරිදා සවස 3 ට පැවැත්වීමට යයි.
පනස් නවයක් පමණ මහා සංඝ රත්නය මෙම උත්සවයට වැඩම කරන බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරුතර මහනායක ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි. අප මෙල්බර්න් කැම්බර්ෆීල්ඩ් වැඩහිටියාට ගරුතර පෙලගතැන්නේ සීලවිමල ස්වාමින්වහන්සේ වැඩසිටින පන්සල අපට පළකරනමෙන් මෙල්බර්න් අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු (බ)
මම කතෝලිකයෙක් හැටියට ඉතාම සතුටු වෙනවා ආඩම්බර වෙනවා නායක හාමුදුරුවන්ගේ මේ ප්‍රධාන සංඝ නායක පදවිය පිලිබදව .මමත් මේ හාමුදුරුවන්ගෙන් වටිනා අවවාද අනුශාසන ලබා තිබෙනවා .ඉරිදා උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා (අ)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! දීර්ඝායුෂ ලැබේවා! (නි)
බටහිර රටවල ඉන්න අපේ කළු සුද්දන්ට ඒ රටවල ඇති සැප සම්පත් දැක රට ජාතිය ආගම සංස්කෘතිය හා ජාතික වීරයන් අමතකවී ඇත. මේ කට්ටියට අපේ රට ජාතිය ගැන මතක් කර දෙන මෙන් ඔබවහන්සේ ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි (ම)