නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ඉතාලි නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මිය යන විට 90 වැනි වියේ පසුවූ දාරියෝ ෆෝ අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු හා රංගධරයකු ලෙසද කටයුතු කළ අයෙකි.
1977 දී සාහිත්‍ය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඔහු ලියා නිෂ්පාදනය කළ නාට්‍ය ගණන 80කට වැඩි බව කියති. ඔහු සිය බිරිය ෆ්‍රාන්ස් රාම් සමග එක්ව ඉතාලි නාට්‍ය ක්ෂේත්‍රයට අමතක කළ නොහැකි මෙහෙවරක් කළ අයකු බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.
ඔහුගේ නාට්‍ය ලොව පුරා භාෂා 30කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයක් සිංහල බසින්ද නිර්මාණය විය.
ඒ අතර විජිත ගුණරත්නගේ සාක්කි, ප්‍රසන්න විතානගේ ගේ දෙබිඩ්ඩෝ, හොරු සමග හෙළුවෙන්, ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ගැබ්බර මිනිසා ආදී නාට්‍ය ප්‍රධාන තැනක් ගනී.
2025 නොවැම්බර් මස 04
636
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2317
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලි නාට්‍යකරු දාරියෝ ෆෝ මියයයි
ජයාත් Saturday, 15 October 2016 01:03 AM
ඔහු යුගයේ කලාකරුවෙක්. මේ වගේ අය හරි විරලයි. අපගේ ශෝකය පළකරනවා ඔහු වෙනුවෙන් (නි)
පිටිගල මිලානෝ Friday, 14 October 2016 12:25 PM
නොබෙල් සාහිත්‍ය සම්මානලාභී දාරියෝ ෆෝ ගේ නාට්‍ය රටවල් තිහකට අධික සංඛ්‍යාවක නිෂ්පාදනය වී තිබෙනවා. ලංකාවේ පෙන්වූ දෙබිඩ්ඩෝ නාට්‍යයත් ඔහුගේ නිර්මාණයක්. මනෝ, ජයනි සහ ජයශ්‍රී චන්ද්‍රජිත්, දමයන්ති ෆොන්සේකා මෙහි රඟපානවා.
විමලනාත් Friday, 14 October 2016 08:11 AM
ඔහුගේ නාට්‍ය මතුපිටින් සරල වුවත් අභ්‍යන්තරයෙන් ගැඹුරුයි දේශපාලනිකයි (බ)