ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සැප්තැම්බර් මස හය වැනි ඉරිදා විවෘත බව තානාපති කාර්යාලයය පවසයි.

එදින කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10 සිට තුන දක්වා ද, අංක නිකුත් කිරීම පෙරවරු 9 සිට සිදු කෙරෙයි.

කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත්, සැප්තැම්බර් මස මස 9 වැනි බදාදා දහවල් 12 න් පසුව අදාළ ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටී.  

තානාපති කාර්යය මණ්ඩලය විසින් මෙම ඉරිදා සේවය ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන බවත්, මෙදින ලිපි ලේඛන කටයුතු සැපයීමේදී අමතර ගාස්තුවක්  අය නොකරන බවත් ප්‍රකාශකයෝ කියති.