ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය අගෝස්තු මස 02 ඉරිදා රාජකාරි කරන බව තානාපති කාර්යාලයය පවසයි.

එදින කොන්සියුලර් සේවයේ ලිපි බාර ගැනීම පෙරවරු 10 සිට පස්වරු තුන දක්වා ද, අංක නිකුත් කිරීම පෙරවරු නවයේ සිට සිදු කරන බව ද එහි ප්‍රකාශකයෝ කියති.

කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත්, අගෝස්තු මස 3 වැනි දා දහවල් 12 න් පසුව අදාළ ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටී.  

තානාපති කාර්යය මණ්ඩලය විසින් මෙම ඉරිදා සේවය ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන බවත්, මෙදින ලිපි ලේඛන කටයුතු සැපයීමේදී අමතර ගාස්තුවක් අය නොකරන බවත් ඔහු කියයි.