IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉතියෝපියාවේ මහ මැතිවරණයක්

සාගතයකට සහ සිවිල් යුද්ධයකට මුහුණ දෙන ඉතියෝපියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ධුරය හොබවන ඇබේ අහ්මද් තව ධුරටත් සිය ධුරයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙයි‍.

අඩිස් අබාබා අගනුවර මැතිවරණ කටයුතු අද (21) ආරම්භ වූයේ උදෑසන 6 ටය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඉතියෝපියා වැසියන් ඡන්ද පොළ වෙත පැමිණියේ මුහුණු ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රැක ගනිමිනි.

ඉතියෝපියානු මැතිවරණ නිලධාරීන්හු දම් පැහැති විශේෂ කබායකින් සැරසී මැතිවරණ රාජකාරිවල නියැලුණාහ. මැතිවරණ කටයුතු සිදුවූයේ සෞඛ්‍ය අංශ ලබා දී තිබුණු මාර්ගෝපදේශ අනුවය. ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 6 ට අවසන් විය.

ඉතියෝපියානු වැසියෝ අලුයම 4 සිට ඡන්ද පොළ පෝලිම්වල සිටිනු දකින්න ලැබුණැයි අල් ජසීරා පුවත් සේවය පවසයි. වෙනදා මෙන් නොව, 'කොවිඩ් 19' වසංගතය සැලකිල්ලට ගනිමින්, රට පුරා ඡන්ද පොළ රැසක් පිහිටුවා තිබුණි. ඒ, ජනතාව ඒකරාශීවීම අවම කිරීමටය.

මෙය 2018 වසරේ සිට බලයේ සිටින 44 හැවිරිදි අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට පැවැත්වෙන මැතිවරණයක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අප්‍රිකාවේ දෙවැනියට වැඩිම ජනගනයක් වෙසෙන රාජ්‍යය ඉතියෝපියාවය.

ඉතියෝපියාවේ, ටිග්රේ පළාත මුල්කොට ගනිමින් ආරම්භ වුණු සිවිල් යුද ගැටුම්වලට තවමත් විසඳුමක් ලැබී නැත. ටිග්රේ යුද්ධය ඇරැඹුණේ 2020 නොවැම්බර් 3 වැනිදාය. ඒ, ටිග්රේ පළාත වෙනුවෙන් පළාත් රජය ස්වයං පාලනයක් ඉල්ලන බැවිනි. සටන් පවතින්නේ ටිග්රේ විමුක්ති සන්නද්ධ බළකාය සහ රජයේ හමුදාව අතරේය.

(අල් ජසීරා)



අදහස් (0)

ඉතියෝපියාවේ මහ මැතිවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site