තොරතුරු තාක්ෂණයේ වත්මන් දියුණුව හා සැළකීමේදී ඉදිරියේදී අධ්‍යාපනය ලැබීම සදහා පාසල් හෝ ගුරුවරුන් හෝ අවශ්‍ය නොවන යුගයක් නිර්මාණය විය හැකියැයි ගූගල් සමාගම අනාවැකි පළ කරයි.

දැනට භාවිතයේ ඇති අධ්‍යාපනය තේමා කොටගත් මෘදුකාංග කිහිපයක් ගෙන හැර දක්වමින් ගූගල් සමාගම පවසන්නේ එවැනි පහසුකම් වලින් යුත් මෘදුකාංගයන් ඉදිරියටත් නිපදවෙන්නේ නම් ස්වයං අධ්‍යාපනයට ඇති ඉඩ තවත් විවර වන බවයි.

ස්මාර්ට් ෆෝන් හා පරිගණක විනෝදාස්වාදය සදහා මෙන්ම අධ්‍යාපනය ලැබීම සදහාද යොදාගැනීම කළමණාකරණය කර ගත හැකිනම් ඉක්මනින්ම ගුරුවරුන් නැති පාසැල් නැති යුගයක් ආරම්භ වනු ඇතැයි සමාගම කියයි.

සමාගමේ පර්යේෂණ අංශයේ උප ප‍්‍රධානී ඇල්ෆ‍්‍රඞ් ස්පෙක්ටර් පවසන්නේ අධ්‍යාපනයද විනෝදාස්වාදය සපයන ඇතැම් කී‍්‍රඩා හෝ කි‍්‍රයාකාරකම් හරහා ලැබීමේ අවස්ථාව මේ ස්මාර්ට් ෆෝන් හා පරිගණක වලින් සළසා ගත හැකි හෙයින් අධ්‍යාපනය ලැබීම යනු පොත පතටල පාසැලටල හා ගුරුවරුන්ට සීමා වී තිබෙන සාම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යන්නට මේ උපකරණ වලට හැකි බවයි.

ඇතැමුන් පරිගණක කී‍්‍රඩා යනු පිළිළයක් ලෙස දුටුවත් ඒවා මිනිසාගේ යහපත පිණිස යොදාගත හැකි අවස්ථාද බොහෝමයක් තිබෙන බවත් ඔහු පෙන්වා දේ.

කෙසේ නමුත් ගූගල් සමාගමේ මේ ප‍්‍රකාශයට අදහස් දක්වා තිබෙන බොහෝ දෙනා යන්ත‍්‍ර වලින් ලබන අධ්‍යාපනය හා මිනිසුන්ගෙන් ලබන අධ්‍යාපනය සමකළ නොහැකි බව සඳහන් කර ඇත.

ලෝකයට අවශ්‍ය වන්නේ දවස පුරා පරිගණක තිරයක් හෝ ජංගම දුරකථන තිරයක් දෙස බලා සිටින පරම්පරාවක් නොවන බව ඔවුන්ගේ අදහසයි.