තොරතුරු තාක්ෂණයේ වත්මන් දියුණුව හා සැළකීමේදී ඉදිරියේදී අධ්‍යාපනය ලැබීම සදහා පාසල් හෝ ගුරුවරුන් හෝ අවශ්‍ය නොවන යුගයක් නිර්මාණය විය හැකියැයි ගූගල් සමාගම අනාවැකි පළ කරයි.
දැනට භාවිතයේ ඇති අධ්‍යාපනය තේමා කොටගත් මෘදුකාංග කිහිපයක් ගෙන හැර දක්වමින් ගූගල් සමාගම පවසන්නේ එවැනි පහසුකම් වලින් යුත් මෘදුකාංගයන් ඉදිරියටත් නිපදවෙන්නේ නම් ස්වයං අධ්‍යාපනයට ඇති ඉඩ තවත් විවර වන බවයි.
ස්මාර්ට් ෆෝන් හා පරිගණක විනෝදාස්වාදය සදහා මෙන්ම අධ්‍යාපනය ලැබීම සදහාද යොදාගැනීම කළමණාකරණය කර ගත හැකිනම් ඉක්මනින්ම ගුරුවරුන් නැති පාසැල් නැති යුගයක් ආරම්භ වනු ඇතැයි සමාගම කියයි.
සමාගමේ පර්යේෂණ අංශයේ උප ප‍්‍රධානී ඇල්ෆ‍්‍රඞ් ස්පෙක්ටර් පවසන්නේ අධ්‍යාපනයද විනෝදාස්වාදය සපයන ඇතැම් කී‍්‍රඩා හෝ කි‍්‍රයාකාරකම් හරහා ලැබීමේ අවස්ථාව මේ ස්මාර්ට් ෆෝන් හා පරිගණක වලින් සළසා ගත හැකි හෙයින් අධ්‍යාපනය ලැබීම යනු පොත පතටල පාසැලටල හා ගුරුවරුන්ට සීමා වී තිබෙන සාම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යන්නට මේ උපකරණ වලට හැකි බවයි.
ඇතැමුන් පරිගණක කී‍්‍රඩා යනු පිළිළයක් ලෙස දුටුවත් ඒවා මිනිසාගේ යහපත පිණිස යොදාගත හැකි අවස්ථාද බොහෝමයක් තිබෙන බවත් ඔහු පෙන්වා දේ.
කෙසේ නමුත් ගූගල් සමාගමේ මේ ප‍්‍රකාශයට අදහස් දක්වා තිබෙන බොහෝ දෙනා යන්ත‍්‍ර වලින් ලබන අධ්‍යාපනය හා මිනිසුන්ගෙන් ලබන අධ්‍යාපනය සමකළ නොහැකි බව සඳහන් කර ඇත.
ලෝකයට අවශ්‍ය වන්නේ දවස පුරා පරිගණක තිරයක් හෝ ජංගම දුරකථන තිරයක් දෙස බලා සිටින පරම්පරාවක් නොවන බව ඔවුන්ගේ අදහසයි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතින් ආයුබෝවන් පාසල් මවුනි ගරු
ඇන්ටන් Monday, 27 October 2014 04:04 AM
එතකොට ගුණධර්ම කවුද කියලා දෙන්නේ දරුවන්ට? රොබෝ පැටව් වෙන්න ඇති නේද? (නි)
ඉසුරන්දි Monday, 27 October 2014 04:16 AM
මේ තුලින් හොද දේ වගේම භයානක ප්‍රතිපලත් ලැබෙනවා.මන්ද දරුවන්ගේ සාරදර්ම සහමුලින්ම අභාවයට යන්නෙත් මේ උසස් කියන තාක්ෂනය හේතුවෙන්ම තමයි.(අ)
බණ්ඩාර Sunday, 26 October 2014 11:14 AM
මට මෙය පිලි ගැනීමට ටිකක් අමාරුයි (නදී)
සුරංග Sunday, 26 October 2014 06:52 PM
දැන් ඉතින් ඉස්සරහට වැඩ එහෙම නැතුව බැහැ. (නි)
නලීන් Sunday, 26 October 2014 08:37 PM
ලෝක විනාශයේ ආරම්භයද මන්දා! (නි)
අසෝකා Monday, 27 October 2014 09:35 AM
ලංකාවේ ඉගෙනීම ලබන දරුවන්ගෙන් බාගයක්ම දැන් ටියුෂන් මාෆියාව නිසා රොබෝලගේ තත්වයට පත්වෙමින් තමයි ඉන්නේ. අඩුම වශයෙන් මේ විදියට හරි ටියුෂන් ක්‍රමය නැතිවෙලා ගෙදර සහෝදර සහෝදරියන් දෙමව්පියන් සමග වත් ටිකක් වැඩියෙන් ඉන්න ලැබේවි කියල මම හිතනවා! (බ)
අනිල් Wednesday, 29 October 2014 06:54 AM
මම නම් මේ දේ වැඩි වැරැද්දක් දකින්නේ නෑ. ගුණධර්ම කියලා දෙන්න දෙමව්පියෝ ඉන්නවනේ. තාක්ෂණයත් එක්ක ළමයි වැඩි ආසාවකින් ඉගෙන ගනියි. (නදී)
අනිල් Wednesday, 29 October 2014 06:55 AM
මම නම් මේ දේ වැඩි වැරැද්දක් දකින්නේ නෑ. ගුණධර්ම කියලා දෙන්න දෙමවුපියෝ ඉන්නවනේ. තාක්ෂණයත් එක්ක ළමයි වැඩි ආසාවකින් ඉගෙන ගනියි. (නදී)