IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉඩෝරය දුරුකරන්න ගෙඹි විවාහයක්

මාස ගණනාවක් ඉඩෝරයෙන් පීඩා විදි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඩිබ්රුගාර් ගම්මානයේ වැසියෝ වැසි දෙවියන් පිනවා වැස්ස ලබාගැනීමට ගෙඹි විවාහ උත්සවයක් සංවිධානය කළහ.

මනාල ගෙම්බා ඩිබ්රුගාර් ගමෙනි.මනාලිය වූ ගෙම්බිය යාබද ගමකින් කැන්දාගත්තියක් වූවාය.

සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ගෙම්බා හා ගෙම්බිය විවාහ කැරිණි.ගෙම්බියගේ ගෙලට රන් මාලයක්ද පැළැදවිනි.

නව යුවළට නිවහන ලෙස ගමෙහි වූ පොකුණක් සපයා තිබුණි.

උත්සවයට දහසක් පමණ දෙනා සහභාගීව සිටියහ.මනාල යුවළගේ නෑදෑයෝනම් ඔවුන් අතර නොවූහ.

විවාහය අවසානයේ ප්‍රීති ඝෝෂා නැගූ ඔවුහු වැස්ස ලබාදෙන්නැයි වැසි දෙවියන් යැද්දාහ.

ගම්පති පැවසූයේ මෙසේ ගෙඹි විවාහයක් සිදුකළේ වැස්ස වෙනුවෙන් අන් කිසි දෙයක් කිරීමට ඉතිරිව නොතිබුණු නිසා බවයි.මාස ගණනක් වැස්ස නැති කම නිසා තම ගම්මානයේත් යාබද ගම්මාන වලත් ජනයා දැඩි සේ පීඩා විදිමින් සිටින බව ඔහු කීය.

ගෙඹි විවාහයකින් වැසි දෙවියන් පිනවීමට හැකියැයි මෙම ප්‍රදේශයේ වැසියන් අතර විශ්වාසයක් තිඛෙන්නේයැයි ඔහු පැවසීය.

ගම්වැසියන්ගේ ක්‍රියාවෙන් වැසි දෙවියන් සතුටට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබුණේ පසුදින උදයේ සිටම ප්‍රදේශයට වැසි ඇදහැලෙන්නට පටන් ගැනීම නිසාය.



අදහස් (0)

ඉඩෝරය දුරුකරන්න ගෙඹි විවාහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site