ඉක්වදෝරයේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් අඩු ගණනේ 270කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
සෙනසුරාදා (17) රිච්ටර් මාපකයේ 7.8 ක භූකම්පනයක් හේතුවෙන් තම රටට බලපෑම් එල්ලවූ බවත් භූකම්පනය ඉක්වදෝර මුහුද ආසන්නයේ ඇතිවී ඇති බවත් එරට උප ජනපති ජෝර්ජ් ග්ලාස් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසීය.
උප ජනපතිවරයා පැවසූයේ එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් ආපදාවට ලක්වූ ප්‍රදේශවල වැසියන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවත්ය. සුනාමි අවදානමක් ද ඉක්වදෝරයට ඇතිවී ඇතැයි කියති.
කම්පනය අවස්ථාවේ එරට ප්‍රධාන නගර ආශ්‍රිතව පිහිටා ඇති සුපිරි වෙළඳසල්වල භාණ්ඩ මිලට ගැනීමට පැමිණ සිටි පිරිස් විසිවී වැටෙන ආකාරය හා ගබඩා කර තිබූ බඩු භාණ්ඩ ආදිය පෙරළී යන දසුන් කැමරාවල සටහන්ව ඇති බවත් විදෙස් පුවත් සේවා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd