නගර්නෝ කරබාක් ප්‍රදේශය මුල් කරගනිමින් ඇති වී තිබෙන ගැටුම් නවතා ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි රුසියාව, ඇමෙරිකා ජනපදය සහ ප්‍රංශය යන රටවල ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට අවධාරණය කළහ.
සටන් විරාමයක් ඇති කරගෙන හැකි ඉක්මනින් සාකච්ඡා පවත්වන්නැයි එම ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට දැන්වූහ.
‘‘දෙරටේ හමුදා අතර තිබෙන ගැටුම් නවතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න’’ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළහ.
එම රටවල ජනාධිපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී තිබූ අතර එලීසේ මාලිගය එම නිවේදනය නිකුත් කර තිබිණි.
‘‘ප්‍රමාද නොකර ඉතා ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරන්නැයි අපි ආර්මේනියානු සහ අසර්බයිජාන නායකයන්ට අවධාරණය කරනවා’’ යැයි එම ජනාධිපතිවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ආර්මේනියාව සහ අසර්බයිජානය අතර තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එම රටවල් 1990 වසරේ සිට එක්ව කටයුතු කරයි. යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වන සංවිධානයේ මින්ස්ක්’ කණ්ඩායමේ සම සභාපතීත්වය හොබවන්නේ ද මෙම රටවල් ත්‍රිත්වයයි.
‘මින්ස්ක්’ කණ්ඩායම පිහිටුවනු ලද්දේ ද ආර්මේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදය සාමකාමී අයුරින් විසඳීමත් දෙරට අතර සාකච්ඡා පැවැත්වීමත් යන අරමුණු ඇතිවය.
ඒ.එෆ්.පී
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්න’