IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්ථානය හෙල්ලෙයි

උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අපි කේන්ද්‍ර‍ පකිස්ථානය හා ටජිකිස්ථානය අතර දේශ සීමාවේ පිහිටි බඩක්ෂාන්හි පිහිටා ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

මෙහි කම්පනය ඉන්දියාවට ද හොදින් දැනි ඇත. මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නැත. මේ ආසන්නයේ ම පසුගිය ඔක්තෝබර් 26 දින සිදුවූ භිමිකම්පාවකින් සිය ගණනක් මිය ගියහ.

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ සහ පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි ජනයා භුමිකම්පාව ඇතිවීමත් සමග ගොඩනැගිලිවලින් එළියට බැස වීදි දිගේ දිවගිය බව මාධ්‍ය වාර්ථාවල දැක්වේ.

පෙෂාවර්හි සමහර පැරණි නිවාස සහ ඒවායේ බිත්ති කඩා වැටී ගොස් ඇතැයි පාකිස්ථානු ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රධානි හමිඩ් නවාස් විදෙස් මාධ්‍යයට පවසා ඇත.

ඉන්දියානු සහ යුරේෂියානු භූ තැටි මායිම්වල පිහිටා ඇති මේ කලාපයේ නිතර නිතර භූමිකම්පා සිදුවේ. භූ විද්‍යාඥයන් පවසන්නේ මේ භූ තැටි වසරකට සෙන්ටි මිටර 4-5ත් අතර ප්‍ර‍මාණයකින් එකිනෙකට තල්ලුවන බවයි.



අදහස් (0)

ඇෆ්ගනිස්ථානය හෙල්ලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 523 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site