උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අපි කේන්ද්‍ර පකිස්ථානය හා ටජිකිස්ථානය අතර දේශ සීමාවේ පිහිටි බඩක්ෂාන්හි පිහිටා ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙහි කම්පනය ඉන්දියාවට ද හොදින් දැනි ඇත. මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නැත. මේ ආසන්නයේ ම පසුගිය ඔක්තෝබර් 26 දින සිදුවූ භිමිකම්පාවකින් සිය ගණනක් මිය ගියහ.
ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ සහ පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි ජනයා භුමිකම්පාව ඇතිවීමත් සමග ගොඩනැගිලිවලින් එළියට බැස වීදි දිගේ දිවගිය බව මාධ්‍ය වාර්ථාවල දැක්වේ.
පෙෂාවර්හි සමහර පැරණි නිවාස සහ ඒවායේ බිත්ති කඩා වැටී ගොස් ඇතැයි පාකිස්ථානු ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රධානි හමිඩ් නවාස් විදෙස් මාධ්‍යයට පවසා ඇත.
ඉන්දියානු සහ යුරේෂියානු භූ තැටි මායිම්වල පිහිටා ඇති මේ කලාපයේ නිතර නිතර භූමිකම්පා සිදුවේ. භූ විද්‍යාඥයන් පවසන්නේ මේ භූ තැටි වසරකට සෙන්ටි මිටර 4-5ත් අතර ප්‍රමාණයකින් එකිනෙකට තල්ලුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd