ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් නගරයේ ඇමරිකානු හමුදාවට අයත් ගුවන් කඳවුරක විශාල පිපිරිමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් හතර දෙනකු මරණයට පත් වී ඇති අතර 14දෙනකු තුවාල ලබා ඇත.

තලේබාන් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය සිදුකළ බවයි.

ඇෆ්ගනිස්ථානයේ පිහිටි විශාලම ඇමරිකානු යුධ මධ්‍යස්ථානය බ්‍රග්‍රම්හි පිහිටා ඇත. අධි ආරක්ෂිත කළාපයක සිදු වී ඇති මෙම ප්‍රහාරය ආරක්ෂාව සම්බන්ධව විශාල බිඳවැටීමක් බව විචාරකයෝ පවසති.

_92411068_bagram_afg 234