IMG-LOGO

ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරකින් 35ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශවල ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් 12දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

නිවාස බොහොමයක් විනාශ වී ඇති බවද බොහෝ පිරිස් අවතැන්ව ඇති බවද බලධාරීහු පවසති.

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බවද පළාත් දහයකට ගංවතුරින් හානි සිදුවී ඇති බවද සඳහන් වේ.

ගම්මාන බොහොමයක පිවිසුම් මාර්ග අවහිර වී ඇති බැවින් සහන සේවා කටයුතුද අඩාල වී ඇත.

මාර්තු මස මුල් සතියේ දකුණු දිග කන්දහාර් ප්‍රදේශයේ ඇතිවූ මෙවැනිම ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 20දෙනකු පමණ මියගිය අතර නිවාස දහස් ගණනකට හානි සිදුවිය.

(විදෙස් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරකින් 35ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site