ඇෆ්ගනිස්තානයේ අධිකරණ ගොඩනැගිල්ලකදී තලේබාන් තුවක්කුකරුවන් තැබූ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 5 දෙනකු හා පොලිස් නිලධරයකු මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
ගසානි නගරයේ සිදුවූ ප්‍රහාරයට ත්‍රස්තයින් සිව්දෙනකු සම්බන්ධවී ඇති බව එරට රජයේ ප්‍රකාශයකු කියා ඇත.
අධිකරණයට ඇතුළුවන ස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු සංවිධානාත්මක ප්‍රහාරය ආරම්භ කර ඇති බවත් ඒ සමග අනෙක් ප්‍රහාරකයින් තිදෙනාද එහි ඇතුළුවී වෙඩි තැබීම ඇරඹූ බවත් ප්‍රාන්ත ආණ්ඩුකාර ජාවෙඩ් සාලන්ගි කියයි.
ප්‍රහාරයට සම්බන්ධවූ ත්‍රස්තයන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කළ බව එරට ආරක්ෂක අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්තානයට ගිනි ඇවිළවූ පරදේශක්කාරයින්ට ශාප වේවා! ඔවුන් ගිනි ඇවිළවූ ඉරාකය තවම ගිනිගන්නවා. (නි)