ඇෆ්ගනිස්තානයේ කන්දහාර් සිට කාබුල් නගරය දක්වා ධාවනය කළ මගී බසයක් සහ තෙල් ප්‍රවාහනය කළ බවුසරයක් ජිල්ඩාක් ප්‍රදේශයේ දි ගැටීමෙන් මගීන් 36 දෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි එරට පුවත් වාර්තා කරයි. අනතුරත් සමග විශාල පිපිරීමක් සිදුව ඇති බවත් සිරුරු බොහෝමයක් දැඩි ලෙස පිළිස්සී ඇතැයි ද වාර්තවෙයි.

ඉකුත් මැයි මාසයේ ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගයක බස් රථ දෙකක් හා බවුසරයක් ගැටීමෙන් 73 දෙනෙක් මියගියහ.