ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටියා පළාතේදී තලේබාන් සංවිධානය විසින් මාධ්‍යවේදීන් හයදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මේ බව ඇෆ්ගනිස්ථාන රජය හා තලේබාන් සංවිධානය තහවුරු කර ඇත.
මාධ්‍ය වැඩමුළුවකට සහභාගී වීම සඳහා යමින් සිටි රජයේ හා පෞද්ගලික ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් ඇත.
පක්ටියා පාලකයින් පවසන්නේ මොවුන් මුදවාගැනීම සඳහා තලේබාන් සංවිධානය සමග සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවයි.
මෙම පිරිස වැරදීමකින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉතා ඉක්ණින් නිදහස් කරන බවත් තලේබාන් සංවිධානය පවසා ඇත.
ඇෆ්ගනිස්ථානය මාධ්‍යවේදීන්ට මාරාන්තික රටක් බවත් පසුගිය වසරේ පමණක් මාධ්‍යවේදින් 16දෙනකු ඝාතනය ඇති බවත් සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd