ඇෆ්ගනිස්ථානයේ  රිච්ටර් මාපාංක 6.6ක අගයකින් යුත් භූමිකම්පාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ටජිකිස්ථාන දේශ සීමාව ආසන්නයේ මෙම භූකම්පනය සිදුව ඇතැ බවත් දකුණු ආසියාවේ කාබුල්, ලාහෝර් හා දිල්ලි යන ප්‍රධාන නගරවල වැසියන් නිවෙස්වලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් කියති.

පසුගිය වසරේ ඔක්තෝබරයේදී එම ප්‍රදේශයට ඇතිවූ රිච්ටර් මාපකයේ 7.5 ක අගයකින් යුත් භූකම්පනය හේතුවෙන් 300ක් පමණ මිය ගියහ.

දිල්ලියේ මෙට්‍රො දුම්රිය සේවයද තාවකාලිකව නවතා දමා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඉන්දියාවේ අගනගරය ආශ්‍රිතව එහි පසු කම්පන තත්ත්වයන් ද වාර්තා වී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.