ඇෆ්නිස්ථානයේ අලුතින් බඳවාගත් හමුදා භටයන් රැගත් බස් රථයකට ජලාලාබාද් හිදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 12 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරයෙන් තවත් 38 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද කියති.
තරුණ හමුදා සෙබළුන් පිරිස රැගත් බස්රථය එරට අගනුවර වන කාබුල් හි පුහුණුවක් සඳහා රැගෙන යමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි නාගහාර් ප්‍රාන්තයේ රජයේ ප්‍රකාශකයකු වන අතාවුල්ලා කොග්යානි අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත.
තුවාල ලැබූ 38 දෙනාද අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඔහු සඳහන් කර සිටී.
ප්‍රහාරය සඳහා එක් අයකු පැමිණි බවත් ඔහු යතුරුපැදියකින් පැමිණ ඇති බවත් තලේබාන් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බාරගෙන ඇති බවත් කියති.
එම මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන අමාත්‍යංශ සේවකයන් රැගත් කුඩා බසයකටද කාබුල්හිදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇතැයිද ඉන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථානයේ බස් දෙකකට බෝම්බ ප්‍රහාර
ඉසුරන්දි Wednesday, 13 April 2016 01:49 PM
අපිටත් ඔය බෝම්බ බිය තිබුණ කාලයක් තිබුණා. මිනිස්සු ඇයි මෙතරම් කුරිරු? මිනිසත්බව ලබා කරන්නේ තිරිසන් වැඩනේ. (නි)