ඇෆ්නිස්ථානයේ අලුතින් බඳවාගත් හමුදා භටයන් රැගත් බස් රථයකට ජලාලාබාද් හිදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 12 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරයෙන් තවත් 38 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද කියති.
තරුණ හමුදා සෙබළුන් පිරිස රැගත් බස්රථය එරට අගනුවර වන කාබුල් හි පුහුණුවක් සඳහා රැගෙන යමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි නාගහාර් ප්‍රාන්තයේ රජයේ ප්‍රකාශකයකු වන අතාවුල්ලා කොග්යානි අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත.
තුවාල ලැබූ 38 දෙනාද අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඔහු සඳහන් කර සිටී.
ප්‍රහාරය සඳහා එක් අයකු පැමිණි බවත් ඔහු යතුරුපැදියකින් පැමිණ ඇති බවත් තලේබාන් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බාරගෙන ඇති බවත් කියති.
එම මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන අමාත්‍යංශ සේවකයන් රැගත් කුඩා බසයකටද කාබුල්හිදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇතැයිද ඉන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ඔය බෝම්බ බිය තිබුණ කාලයක් තිබුණා. මිනිස්සු ඇයි මෙතරම් කුරිරු? මිනිසත්බව ලබා කරන්නේ තිරිසන් වැඩනේ. (නි)