ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග රජයේ කාර්යාල භූමියක සිදවූ බෝම්බ පිපිරීමකින් 10 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් පසුව තලේබාන් සටන්කාමීන් ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ද ඇතිකරගෙන තිබේ
සමන්ගන් පළාතේ සිදුවූ මෙම ප්‍රහාරය ප්‍රධාන බුද්ධි ඒජන්සිය වන ජාතික ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයට ආසන්නව පිහිටි රජයේ ස්ථානයක සිදුවී ඇත.
පුපුරා ගියේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් බවත් ඉන්පසු දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ බවත් බලධාරීහු පවසති.
ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය සඳහා පැමිණ සිටි තුවක්කුකරුවන් සිව්දෙනා ද මියගිය බවයි.තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 10 ක් මරුට