අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය මාස කිහිපයකට කල් දැමීමට සිදු වූ බව ඇෆ්ගනිස්ථාන මැතිරවරණ කොමිසම පවසයි.
 
ඔක්තෝබර් මාසයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ සිදුවූ තාක්ෂණික ගැටලු නිරාකරණය නොවූ බැවින් ඔවුහු මෙම තීරණය ගත්හ.
 
ඡන්ද වංචා වළක්වා ගැනීමේ අරමුණින් කාර්යමණ්ඩලය පුහුණුකිරීමට වැඩි කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රකාශයෙක් පැවසුවේය.
 
ඡන්දදායක ලැයිස්තුව තහවුරු කිරීම සඳහා ද  තවත් කාලය අවශ්‍ය බවත් එබැවින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයක් තවමත් තීරණය කර නොමැති බව ඔහු පැවසුවේය. 
 
ඇෆ්ගනිස්ථාන අවසන් ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ  2014 වර්ෂයේදීය. 
 
(63226)