ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයෝ රැසක් ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියහ. වාණිජ ගුවන් යානා මඟින් ඔවුන්ට ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමට අවස්ථාව ලබා දී තිබෙන අතර ඔවුන්ගෙන් බොහෝදෙනා ඇමෙරිකානුවන් බව ද වාර්තා වේ.
මුදාගැනීම් මෙහෙයුම් සඳහා තලේබාන් ආණ්ඩුව එකඟතාව පළ කිරීමත් සමඟ මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මේ අනුව තලේබාන් සංවිධානය කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසු ක්‍රියාත්මක වන පළමු ජාත්‍යන්තර ගුවන් යානා කිහිපය අතුරින් කිහිපයක් එරටින් ඊයේ පිටත්ව ගියේ ය.
තලේබාන් සංවිධානය ඉකුත් අගෝස්තු මාසයේ දී කාබුල් නුවර බලය අල්ලා ගැනීමත් සමඟ ඇමෙරිකානු හමුදා ඇතුළු විදේශීය හමුදා එක්ව දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එම කාලයේ දී ඇමෙරිකාවේ මූලිකත්වයෙන් මුදාගෙන ඇති විදේශිකයන්ගේ සහ අවදානමේ පසු වූ ඇමෙරිකානුවන්ගේ ගණන 124,000කි. තලේබාන් සංවිධානය සිය ආණ්ඩුව ප්‍රකාශයට පත් කිරීමෙන් සති දින දෙකකට පසු ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවා මෙලෙස කාබුල් නුවරට පැමිණ පළමු අවස්ථාව මෙය වේ.
තලේබාන් ආණ්ඩුවේ වැඩිහරියක් වාර්ගික පස්තුන්වරුන්ගෙන් සමන්විත ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත සල්මේ කලීසාද්ගේ බල කිරීම මත තලේබාන් සංවිධානය මෙලෙස අවසර දුන් බව ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය.
ඇමෙරිකානු සිවිල් වැසියන්, අනෙක් විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් සිය පෞද්ගලික වාණිජ ගුවන් යානාවලට අවසර නොදීම නිසා ඇෆ්ගනිස්තානයේ උතුරු දිග ප්‍රදේශයක් වන මසාර්-ඊ-ෂරීෆ් හි සිර වී සිටියහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd