
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් සැපයීම තාවකාලික ලෙස අත්හිටුවා තිබේ.
ඒ අනුව එම අරමුදල විසින් මේ මාසයේ ලබාදෙන්නට නියමිත ව තිබූ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 268 ක මූල්‍ය ප්‍රදානයද මේ අනුව අත්හිටුවා ඇත.
සිය රටට ලබාදෙන ආධාර මුදල් නතර නොකරන ලෙසට තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබෙන අතරවාරයේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ සමගම මේ වන විට ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් ලබාදීම අත්හිටවා ඇති අන්තර්ජාතික සංවිධාන ගණනාව අතරට ඔවුන් ද එක් වේ.
ඇෆ්ගනිස්ථානයේ රාජ්‍යත්වය සහ ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිගැනීමට ලක් කිරීමේ පවතින බරපතල ගැටළුකාරී බව උත්සන්න වෙමින් තිබේ.
මෙහිදී වැදගත් කරුණක් වන්නේ මේ වන විට ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 42.9 ක් ලැබෙනුයේ විදේශ අරමුදල් ප්‍රදානයන් මගින් වීම විශේෂත්වයකි
(ගාඩියන් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් තලේබාන්වරුන්ට අවශ්‍ය මූල්‍ය ආධාර කටාරය ඇතුළු රාජ්‍ය කීපයකින් ලැබේවි....
දැන් චීනයට පුළුවන් ලංකාවට ණය දුන්නා වගේ, ණයට දීලා රටම අල්ලගන්න.
නොබෝ දිනකින් අපිට වඩා ඉක්මණින්ම, ඇෆ්ඝනිස්ථානය දියුණු රටක් වෙනවා. ඔන්න අද කිව්වා කියලා ලියලා තියාගන්න...