මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඇමරිකා, ඇෆ්ගනිස්තාන ඒකාබද්ධ මුර සංචාරයකට ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේදී එල්ල කළ ප්‍රහාරයකින් සෙබළුන් 5 දෙනෙක් මියගොස් තවත් හය දෙනකු තුවාල ලැබූ බව විදෙස් ආරංචි කියයි.
මෙම ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ ප්‍රකාශයකු වන සබිඋල්ලා මුජාහිඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් සෙබළුන් 19 දෙනකු මියගිය බවයි.
කාබුල් නගරයේ නේටෝ මූලස්ථානය පුපුරන ද්‍රව්‍ය සහිත වාහනයක් බග්රාම් ගුවන් කඳවුර ආසන්නයේදී පුපුරාගිය බව තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් මිය ගිය අය කුමන ජාතිකයන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කාලයක් අපටත් තිබුනා. (ර)