ජලාලාබාද්හිදීය (රොයිටර්)

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිරට වන්නට පිහිටි පළාතක් වන නන්ගාර්හාර්හි මැතිවරණ රැලියකට අද (2) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනකු මියගොස් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු ප්‍රකාශ කළහ.

ප්‍රහාරයෙන් මියගිය පිරිස තවත් වැඩි විය හැකි යැයි ද ඔවුහු කීහ. ඇෆ්ගනිස්තාන මහ මැතිවරණ මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය. පසුගිය සිකුරාදා මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ අතර මැතිවරණ රැලිවලට ප්‍රහාර එල්ල වනු ඇතැය ආරක්ෂක අංශ අනතුරු ඇඟවීය.

එසේ තිබියදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල විය.

රෝහල්වලට මළසිරුරු 13ක් රැගෙන ගිය බව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අතුල්ලාහ් කෝගියානි පැවැසූ නමුත් මියගිය සංඛ්‍යාව ඊට වඩා වැඩි හැකි අනෙක් පිරිස් පැවැසූහ.

රැලියට 250කට වඩා වැඩි පිරිසක් සහභාගී වී සිටි බවත් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත් පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන සොහ්රාබ් කදේරි පැවැසීය.

මෙතෙක් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති අතර මේ වසරේදී අවස්ථා කිහිපයකදීම අයි.එස් සංවිධානය මෙම පළාතට ප්‍රහාර එල්ල කළේය. නන්ගාර්හාර් යනු පාකිස්තානයට මායිම්ව පිහිටි පළාතකි.

055