IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානයේ මැතිවරණ රැලියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් 13 ක් මරුට

ජලාලාබාද්හිදීය (රොයිටර්)

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිරට වන්නට පිහිටි පළාතක් වන නන්ගාර්හාර්හි මැතිවරණ රැලියකට අද (2) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනකු මියගොස් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු ප්‍රකාශ කළහ.

ප්‍රහාරයෙන් මියගිය පිරිස තවත් වැඩි විය හැකි යැයි ද ඔවුහු කීහ. ඇෆ්ගනිස්තාන මහ මැතිවරණ මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය. පසුගිය සිකුරාදා මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ අතර මැතිවරණ රැලිවලට ප්‍රහාර එල්ල වනු ඇතැය ආරක්ෂක අංශ අනතුරු ඇඟවීය.

එසේ තිබියදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල විය.

රෝහල්වලට මළසිරුරු 13ක් රැගෙන ගිය බව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අතුල්ලාහ් කෝගියානි පැවැසූ නමුත් මියගිය සංඛ්‍යාව ඊට වඩා වැඩි හැකි අනෙක් පිරිස් පැවැසූහ.

රැලියට 250කට වඩා වැඩි පිරිසක් සහභාගී වී සිටි බවත් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවත් පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන සොහ්රාබ් කදේරි පැවැසීය.

මෙතෙක් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති අතර මේ වසරේදී අවස්ථා කිහිපයකදීම අයි.එස් සංවිධානය මෙම පළාතට ප්‍රහාර එල්ල කළේය. නන්ගාර්හාර් යනු පාකිස්තානයට මායිම්ව පිහිටි පළාතකි.

055



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ මැතිවරණ රැලියකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් 13 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site