නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් ප‍්‍රදේශය පෙරේදා (24) රික්ටර් පරිමාණයේ ප‍්‍රබලත්වය ඒකක 5.6ක් සටහන් කළ භූමිකම්පාවකින් කැළැඹී ගිය අතර ඉන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75කි.
මෙම භූමිකම්පාවේ ප‍්‍රබලත්වය ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට මෙන්ම අසල්වැසි පාකිස්තානයට ද දැනුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පාකිස්තාන දේශ සීමාව ආසන්නයේ පිහිටි ජලාලාබාද් නුවරට වයඹ දිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 62 පොළොව අභ්‍යන්තරයේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මියගිය පුද්ගලයන් හය දෙනා නන්ගහාර් පළාතේ වැසියෝ වූහ. තුවාල ලැබූවන්ගෙන් හතළිස් දෙනකුගේ තත්ත්වය බරපතළ නොවන බව ජලාලාබාද් ප‍්‍රකාශකයෙක් කීය.
භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇෆ්ගන් රජය පියවර ගෙන ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවැසීය.
ඇෆ්ගනිස්තානයේ හින්දුකූෂ් කඳුකරබද ප‍්‍රදේශයේ නිරතුරු භූමිකම්පා හට ගනී. ඉකුත් වසරේ මෙම ප‍්‍රදේශයේ හට ගත් භූමිකම්පා දෙකකින් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇෆ්ගනිස්තානයේ ප‍්‍රබල භූමිකම්පාවක්: 13 දෙනෙක් මරුට: 60 කට තුවාල
වසන්ත Friday, 26 April 2013 04:06 PM
මම ඉන්නෙත් කාබුල් වල. පොළව ගොඩක් හෙල්ලුනා. (නි)