සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කරන්නැයි ඇෆ්ගනිස්තාන රජය එරට හමුදාවලට ප්‍රකාශ කිරීමත් සමඟ ඇෆ්ගන් හමුදා කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තලේබාන් සංවිධානය අද (14) ප්‍රකාශ කළේය.
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ ගර්දීස් නගරයට එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත. ඒ බව ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ද තහවුරු කළේය.
‘‘ඇෆ්ගනිස්තාන රජයේ නිවේදනයත් සමඟ අපි ප්‍රහාර එල්ල කළා.
කාබුල් පරිපාලනයේ වැදගත් හමුදා මූලස්ථානයකට අපි ප්‍රහාර එල්ල කළා’’ යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පැවැසීය.
ඔහු ‘වට්ස්ඇප්’ ඔස්සේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd