IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇෆ්ගන් සාම කතා කල් යයි

පහසුකම් සැපයීමේ සම්බන්ධයෙන් ඇති වූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇෆ්ගන් සාම සාකච්ඡා තරමක් ප්‍රමාද වන රජයේ සහ තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී දීර්ඝ කාලයක් මුළුල්ලේ බලා සිටි ඇෆ්ගන් සාම සාකච්ඡා මේ අනුව ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගන් බලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.

සාම සාකච්ඡාවලට සේවා සහ පහසුකම් සැපයීම ආදී කරුණු කිහිපයක් තවමත් සම්පූර්ණ නොමැති වීම මෙලෙස සාම සාකච්ඡා කල් යෑමට හේතු වී තිබේ.

සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ පසුගිය කාලයේදී මත ගැටුම් ඇති විය. තලේබාන් සංවිධානය කළ බොහෝ ඉල්ලීම්වලට ඇෆ්ගන් රජය එකඟතාව පළ නොකළ අතර මේ හේතුවෙන් සාම සාකච්ඡා ප්‍රමාද විය.

කෙසේ නමුත් සිරකරුවන් වැඩි පිරිසක් නිදහස් කිරීමට ඇෆ්ගන් රජය පසුගිය සතියේදී තීරණය කිරීමත් සමඟ සාම සාකච්ඡා සඳහා දොරටු විවෘත විය.

055



අදහස් (0)

ඇෆ්ගන් සාම කතා කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site