IMG-LOGO

ඇෆ්ගන් වැසියන්ට කන්න නෑ

ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය පිළිබඳව කනස්සල්ල පළ කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානියා යළිත් වරක් ලොවට අවධාරණය කර ඇත්තේ, ඇෆ්ගන් වැසියන්, ජීවත්වීම සඳහා සිය දරුවන් සහ ශරීර කොටස් විකිණීමට යොමු වී ඇති බවය.

ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් අඩකට වඩා සාගින්නෙන් පෙළෙන බැවින්, ඇෆ්ගනිස්තානයට ආධාර බෙදා හැරීම කඩිනම් කරන ලෙස WFP ප්‍රධානී ඩේවිඩ් බේස්ලි යළිත් වරක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ.

ඇෆ්ගනිස්තානය දේශපාලනික අර්බුද, යුද ගැටුම් සහ ආර්ථික අර්බුදවලින් පමණක් නොව, නියගවලින් සහ වසංගතවලින් ද වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත් වුණු රාජ්‍යයකි.

පසුගිය අගෝස්තුවේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් තලේබාන්වරුන් යළි එරට පාලනය අල්ලා ගැනීමත් සමග ඇෆ්ගන් වැසියෝ කබලෙන් ලිපට වැටුණාහ.

මේ වනවිට මිලියන 24 ක ඇෆ්ගන් වැසියෝ පිරිසක්, උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දෙති.

එලැඹී ඇති ශීත සෘතුවේ ජනගහනයෙන් අඩකට වඩා සාගතයට මුහුණ දෙනු ඇති අතර, ජනගහනයෙන් සියයට 97 ක් මේ වසරේ දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිය හැකි යැයි ද ඩේවිඩ් බේස්ලි පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

ඇෆ්ගන් වැසියන්ට කන්න නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 117 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1729 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site