
ඇෆ්ගනිස්තානය කැළැඹූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට මානුෂීය ආධාර කඩිනමින් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉදිරිපත් වී තිබේ.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය. භූමි කම්පාවෙන් මියගිය ඇෆ්ගන් වැසියන් ගණන දහසකට වැඩිය. තුවාල ලැබූ ගණන 800 කි.
ඇෆ්ගන් භූමි කම්පාවෙන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බව සැලවීමත් සමඟ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් මහත් සේ කම්පා විය. විපතට පත්වුණු ඇෆ්ගන් වැසියන්ට පිහිට වීමට ලෝකය එකමුතු විය යුතු බව පාප්තුමා පැවැසීය. විපතට පත්වූවන් වෙනුවෙන් යාඥා කිරීමට ද පාප්තුමා අමතක නොකළේය.
භූමි කම්පාව හේතුවෙන් විපතට පත්ව සිටින ඇෆ්ගන් වැසියන්ට මානුෂීය ආධාර අවශ්‍ය යැයි ඇෆ්ගන් තලේබාන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ යුරෝපා සංගමයෙන් ඉල්ලීම් කළේ ඒ අතරතුරේය. ඒ අනුව, ඇෆ්ගනිස්තානයට පනවා ඇති සම්බාධක එසේ තිබියදී, අවශ්‍ය මානුෂීය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය එකඟ වුණු බව වාර්තා වේ.
භූමි කම්පාවෙන් විපතට පත්වුණු ඇෆ්ගන් වැසියන්ට සහාය දැක්වීමට තමන් ද ඉදිරිපත් වන බව චීනය පැවැසුවේය. ‘ඇෆ්ගනිස්තානය චීනයේ මිතුරෙක්. ඇෆ්ගනිස්තානයට සහාය දීමට චීනය සූදානමින් සිටිනවා. ඇෆ්ගන් තලේබාන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් අවශ්‍ය පරිදි මානුෂීය ආධාර ලබා දීම අප කටයුතු කරනවා“ යැයි චීන විදේශ අමාත්‍ය ප්‍රකාශක වැංග් වෙන්බින් මාධ්‍ය හමුවේ පැවැසීය.
ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු සඳහා චීනය මැදිහත් වීමට උත්සාහ ගනිමින් සිටී. ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය ස්ථාවරත්වයක් පෙන්නුම් කරන්නේ නම්, ඇෆ්ගනිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට මූල්‍ය ආධාර ලබා දීමට චීනය සූදානමින් සිටී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
519
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් වැසියන්ට ආධාර