ඇෆ්ගනිස්තාන යුද්ධයට ඇමෙරිකාවෙන් නව යුද උපායමාර්ගයක් හඳුන්වාදීමට ජනාධිපති ඩොනල්ඩ් සූදානමින් සිටින බව වාර්තා වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී සිටින දීර්ඝතම හමුදා ගැටුම ඇෆ්ගනිස්තාන යුද්ධය වන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයාට පෙර සිටි බැරැක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්. බුෂ් යන ජනාධිපතිවරුන්ට ද ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට නොහැකි විය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට ජනතාව අමතමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිත යැයි ද වාර්තා වේ. තම ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්ගේ නිර්දේශ මත ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා ප්‍රමාණවත් පරිදි වැඩි කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ. 

ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තානයේ යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපායමාර්ගික නිරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේය. ඉන් අනතුරුව ඇෆ්ගනිස්තානයට තවදුරටත් සේනාංක යැවීම ඥානාන්විත ක්‍රියාවක් දැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ගෙන් පෞද්ගලික විමසා ඇතැයි ද වාර්තා විය. 

රොයිටර් 055