ඉරාකයේ සිදු වූ අතපසුවීම් නැවත සිදු නොවීමට වග බලා ගනිමින් ඇෆ්ගනිස්තාන යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඒ බව කිීවේය. 

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා නැවත ගෙන්වා නොගන්නා බව ප්‍රකාශ කළ එක්සත් ජනපද ජනාධිපතිවරයා ජයග්‍රහණය තෙක් සටන් වදින බව ද කීය. 

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා නැවත කැඳවීමට තමන් මුලින් තීරණය කළ ද පසුව එම තීරණය වෙනස් කළ බව ද හෙතෙම කීවේය. 

“අපි ඇෆ්ගනිස්තාන රජය හා ඒකව කටයුතු කරනවා. කැපවීම සහ ප්‍රගතිය ඉන් පසුව බලමු” යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය. 

ඇමෙරිකාව තම හමුදා ඉවත් කර නොගතහොත් ඇෆ්ගනිස්තානයත් තවත් සොහොන් බිමක් වනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තලේබාන් සංවිධානය නිවේදනය කළේය. 


(ඒ.එෆ්.පී/රොයිටර් 055)