
තලේබාන් සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කළ කීර්තිමත් ඇෆ්ගන් මහාචාර්යවරයකු තලේබාන් රජය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆයිසුල්ලා ජලාල් නමැති මෙම මහාචාර්යවරයා ය. මොහු කාබුල් විශ්ව විද්‍යාලයේ දීර්ඝ කාලයක පටන් නීතිය සහ දේශපාලන විද්‍යාව උගන්වන්වයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමග තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත්තේ පසුගිය අගෝස්තුවේදීය.
මේ වනවිට ඇෆ්ගනිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට ලක් වී ඇත. මේ සම්බන්ධයෙන් ද තලේබාන් රජය විවේචනය කිරීමට මහාචාර්ය ෆයිසුල්ලා ජලාල් කටයුතු කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම ධර්මයක් හරියට දන්නේ නැති, මනුස්සකම තුට්ටුවකට මායිම් කරන්නේ නැති තලේබාන් සංවිධානයෙන් ඔය මහාචාර්යවරයා පණපිටින් බේරිලා ආවොත් හොඳයි.