
බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර මුස්ලිම් පල්ලියකට තුවක්කුකරුවෝ පිරිසක් කඩා වැදුණාහ. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් පල්ලියේ සිටි මුස්ලිම් බැතිමතුන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලැබූහ.
ප්‍රහාරය එල්ල වූයේ හේරත් ප්‍රාන්තයේ ගුසාරා දිස්ත්‍රික්කයේ, අන්දියේෂ් නගරයේ මුස්ලිම් පල්ලියටය. ප්‍රහාරයේ වගකීම සුන්නි මුස්ලිම් අන්තවාදීන් වන, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, ‘අයි.එස්.අයි.එස්.’ සටන්කාමීන් විසින් බාර ගනු ලැබ ඇත.
පල්ලියේ ප්‍රධාන පූජකවරයා ද වෙඩි ප්‍රහාරයට හසුවී ජීවිතක්ෂයට පත්විය. මෙය ෂියා මුස්ලිම්වරුන්ගේ පල්ලියක් වන අතර, සුන්නි මුස්ලිම් අන්තවාදී ‘අයි.එස්.අයි.එස්.’ සටන්කාමීන් පල්ලියට කඩා වැදී වෙඩි තැබුවේ සුන්නි ෂියා ගැටුමක ප්‍රතිඵලයක් ලෙස යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd