
බටහිර ඇෆ්ගනිස්තානයේ බස් රථ අනතුරකින් 73 ක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස, ඉරානයෙන් පිටුවහල් කළ ඇෆ්ගන් වැසියන් සංක්‍රමණිකයන්ය.
අනතුර සිදුවී ඇත්තේ හේරත් ප්‍රාන්තයේය. අධික වේගයෙන් පැමිණි බස් රිය, යතුරු පැදියක සහ ට්‍රක් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුවිය. බස් රථය ගිනි ගැනීමට ද ලක් වූ බව පැවැසෙයි. රියදුරුගේ නොසැලකිල්ල නිසා අනතුර සිදුවුණු බව පැවැසෙයි.
ඉරානයෙන් පිටුවහල් කර, යළි ඇෆ්ගනිස්තානයට පැමිණි මෙම පිරිස, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වෙත ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට පත්වුණු බව ද පැවැසෙයි.
ට්‍රක් රථයේ සිටි රියදුරු සහ සහායකත්, යතුරු පැදියේ සිටි පුද්ගලයන් දෙදෙනකුත් මියගිය පිරිසට ඇතුළත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd