IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇෆ්ගන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක්

ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතියේ කඩා වැටීමේ අවදානමකට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවකින් අනතුරු අඟවයි.

ඉකුත් 2020 වසර අවසානයේ දී ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතිය සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක තැන්පතු පැවැති බවත් එය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දක්වා අඩු වී ඇති බවත් අදාළ වාර්තාවේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන විසින් මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. ඇෆ්ගනිස්තානයේ බැංකු සහ මූල්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමකට පත්ව ඇතැයි එම වාර්තාව මඟින් අනතුරු අඟවා තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය සියතට ගෙන මේ වනවිට මාස තුනකට ආසන්න වේ. ඇෆ්ගනිම්තානයේ මූල්‍ය සහ බැංකු ගෙවීම් පද්ධති මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් මූල්‍ය පද්ධතිය අවුල් ජාලයකට හැරී ඇති බවත් අදාළ වාර්තා වේ සඳහන් ය.

ඇෆ්ගනිස්තානයේ නිෂ්පාදන ධාරිතාව ඉතා සීමිත බවත් මේ අර්බුදය විසඳා ගැනීමටත් බැංකු පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීමටත් නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කළ යුතු යැයි ද එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානය සතු විදේශ සංචිත තොගය අත්හිටුවීමට (අවුරා දැමීමට) ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේ ය.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ මහ බැංකුවට රටේ තැන්පතු අවශ්‍යතා සපුරාලීමට නොහැකි වී ඇතැයි වාර්තා වන අතර මේ තත්ත්වය හේතුවෙන් තලේබාන් සංවිධානය සතියකට බැංකුවකින් ලබාගත හැකි මුදල් සීමාව ඇමෙරිකානු ඩොලර් 200ක් දක්වා සීමා කළේ ය.

එම සීමාව මෑතකදී සතියකට ඇමෙරිකානු ඩොලර් 400ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ස්පුට්නික් පුවත් සේවා වාර්තා කර තිබිණි. දැනට පනවා තිබෙන සීමා සහ අර්බුදකාරී තත්ත්වය යනාදී සියල්ල සැලකිල්ලට ගත්විට මේ වසර අවසන් වනවිට ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතිය සතු තැන්පතු ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් දක්වා අඩුවනු ඇතැයි වාර්තා වේ.

එය එම ප්‍රමාණය දක්වා හෝ ඊට වඩා අඩු අගයක් දක්වා අඩු වුවහොත් ඇෆ්ගනිස්තානයේ මූල්‍ය සහ බැංකු පද්ධතිය කඩා වැටෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනතුරු අඟවයි.

ඇෆ්ගනිස්තානයේ ණය වෙළෙඳපොළ ද පහත වැටෙමින් තිබෙන වබත් සැප්තැම්බර් මාසය වනවිට ඔවුන්ගේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 307ක් වූ බවත් මේ වසර අවසන් වනවිට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 33ක් දක්වා ඉහළ යනු ඇති බවටත් අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site