
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
මියගිය සහ තුවා ලැබූවන්ගෙන් වැඩි දෙනා පාසල් සිසුන් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝම්බය පුපුරා ගියේ සමංගාන් පළාතේ අයිබැක් අගනුවර පාසලේය. ඒ, දහවල් 12.45 ට පමණය.
බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එය තලේබාන්වරුන්ට විරෝධය දක්වන ඇෆ්ගන් අයි.එස්. සටන්කාමීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් විය හැකි බව ඇෆ්ගන් තලේබාන් රජය පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd